kandy news web
kandy news web

හිමිනමකට බැණ පහරදීමට තැත් කළ මහනුවර බස් රියදුරු අත්අඩංගුවට

පෞද්ගලික බස් රියේ ගමන් වාරද අවලංගු කෙරේ

0 104

මහනුවර ගංගාරාම විහාරස්ථානයට යාම සඳහා මහනුවරින් පෞද්ගලික බස් රියකට ගොඩ වූ භික්ෂූන් වහන්සේ නමකට තර්ජනය කර අපහාසාත්මකව බැණුවැදී පහරදීමට තැත් කිරිම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත මහනුවර සිට දිගන බලා ධාවනය වූ පෞද්ගලික බස් රියක තරුණ රියැදුරකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසනවා.

බස් රියට ගොඩ වූ භික්ෂූන් වහන්සේට පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන්කර තිබූ අසුනේ වාඩිවීමට නොහැකි වන සේ තරුණියන් දෙදනකු එම අසුනේ වාඩි වී සිටි අවස්ථාවේ භික්ෂුන් වහන්සේට බස් රියෙන් බසින ලෙස බැණ අපහාසාත්මක තර්ජනයක් එල්ල කළ රියැදුරාට එරෙහිව අස්ගිරිය විහාර පාර්ශවයේ භික්ෂුන් වහන්සේ නමක් කරන ලද පැමිණිල්ලක් මත මහනුවර පොලිස් මූලස්ථානය මගින් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බව මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. අබේකෝන් බණ්ඩා  මහතා කළ විමසීමක දී කියා සිටියා.

AD2

මෙම සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද භික්ෂුන් වහන්සේ විසින් කරන ලද පැමිණිල්ල මත සිද්ධියට අදාළ පෞද්ගලික බස් රියේ ධාවන ගමන් වාර ද අවලංගු කිරීමට පියවර ගත් බව  මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරි අනුරුද්ධ  ගල්පොත්තේගෙදර මහතා පවසනවා.

සැකකාර රියැදුරාගේ තර්ජනයට ලක් වූ භික්ෂුන් වහන්සේ විදේශ ධර්ම ධූත මෙහෙවර සඳහා වැඩි දුර අධ්‍යාපනය හදාරන හිමි නමක් බව ද පොලිස් විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.

කෙන්ගල්ලේ බලගොල්ලේ පදිංචි දිගන – මහනුවර පෞද්ගලික බස් රියේ රියැදුරුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි මහනුවර පොලිසිය කියා සිටියේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.