ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමක් – අයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මියගොස් තිබෙනවා.
අද (26) පෙරවරු 8.00 පමණ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ කොළඹ 14, හේනමුල්ල නිවාස සංකීර්ණයේ අංක 253/13 යන ලිපිනයෙහි පදිංචිව සිටි දිනේෂ් එරංග නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි.
සංවිධානාත්මක අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබූ අනෙක් තිදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.