kandy news web
kandy news web

තංගල්ලේ වෙඩි තැබීමක් [Photo]

4 දෙනෙක් මරුට - 5 දෙනෙක් රෝහලට
අනීෂා මානගේ - තංගල්ල

0 119

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අද(25) අලුයම 7.15ට පමණ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයන් පිරිසකට වෙඩි තැබීම සිදු කර ඇති බවයි. එහිදී ජීවිතක්ෂයට පත්වූ සිව් දෙනාගෙන් තිදෙනෙකුගේ මෘත දේහයන් තංගල්ල රෝහලේද අනෙක් පුද්ගලයාගේ දේහය නාකුළුගමුව රෝහලේද තැන්පත් කර තිබෙනවා. 

AD2

එසේම වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයන් පස් දෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ටී-56 ගිනි අවියක් සහ පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට සැකකරන බවයි පොලිසි පවසන්නේ. 

ධීවරයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.