අසිරිමත් නත්තල උදාවෙයි

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු සමිඳානන්ගේ උපත සමරණ අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රී 12ට උදා වූවා. ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබනවා.
අති උතුම් ශුද්දෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර් බැසිලිකාවේදී පවත්වනු ලැබුවා. ඒ සදහා ලොව පුරා කිතුණු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර පළමු වැනි පාප්තුමන් නත්තල් දේව මෙහෙය පවත්වමින් දියුණු රටවල ජනතාවගෙන් ඉල්ලා සිටියේ සරල සහ බහු භාණ්ඩික නොවූ අල්පේච්ඡ දිවියකට හුවරුවන ලෙසයි.
සේම ලොව ධනවතුන් සහ දුප්පතුන් අතර ඇති පරතරය දැඩි ලෙස හෙළා දුටු පාප් වහන්සේ ගව ලෙනක ජේසු තුමන්ගේ උපත සිදුවීම තුළින් ජීවිතයේ යථාර්ථය සියලුම දෙනාට පසක් කර ඇති බවද වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පයාගල, ශාන්ත ජෝෂප් දෙව් මැදුරේදී සිදු කෙරුණා.
ප්‍රධාන නත්තල් දේව මෙහෙයට සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ නත්තල් දිනය යනු කුඩා ළමුන්ගේ දිනය බවයි.