නිදහස් සන්ධාන මන්ත්රී රංජිත් සොයිසා රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සොයිසා මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ජනවාරි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පසුගිය 16 වනදා ගොඩකවෙල නගරයේදී මන්ත්රීවරයා ඇතුළු පිරිස පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව එම චෝදනාවට ලක්වූ පිරිස අද (20) පෙරවරුවේ ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනුණා.
අනතුරුව පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනා ජනවාරි මසම 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.