ගුරුවරුන් තම පාසලේ දරුවන්ට තම විෂය අමතර පන්ති මගින් මුදල් වලට ඉගැන්වීම කිසිසේත්ම මා අනුමත කරන්නේ නැහැ.

ඉංග්‍රීසී භාෂා උපාධි සහ ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ප්රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (14) සිදුවිය. ඒ අනුව නව ගුරු පත්වීම් 28ක් මෙහිදී මහනුවර මාතලේ නුවරඑළිය දිස්ත්‍රීක්ක ආවරණය වන පරිද්දෙන් ලබා දීම මෙහිදි සිදු වු අතර, පත්වීම්ලාභීන් ආමන්ත්‍රණය කරමින් පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ සිය අදහස් දැක්වීම සිදු කළේය.
ගුරු වෘත්තිය යනු අන් වෘත්තියන්ට සාපේක්ෂව ඉතාමත්ම සුවිශේෂි වෘත්තියක්. පාසලට ඇතුලත් වන දරුවාගේ අනාගතය ගුරුවරයාගේ ක්‍රියා කලාපය මත රදා පවතිනවා. එදා අප දුටුව විනයගරුක පාසල් පද්ධතිය අද වන විට පිරිහෙමින් පවතිනවා. එය එසේ නොවීමට අප වගා බලගත යුතුයි. කුඩා කල සිටම දරුවාගේ අත හිත හිස පෝෂණය කිරීමේ වගකීම ගුරුවරුන් සතු වනවා. අද ඔබ මේ ලබාගන්නේ සුවිශේෂි වු වගකීමක් සහිත වු රැකියාවක් බව තේරුම් ගන්න. අපි දකිනවා ඇතැම් ගුරුවරුන් තම විෂය තම පාසලේම දරුවන්ට අමතර පන්ති මගින් මුදල් ගෙවා ඉගැන්වීම සිදු කරනවා . මා එය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අද පත්වීම් ලබා හෙට ස්ථාන මාරුවීම් ඉල්ලුම් කරන්නට එපා. එසේ ස්ථාන මාරුවීම් අප ලබාදීම කිසිසේත් අනුමත කරන්නේ නැති බවත් මා කිව යුතුයි. ඉදිරියේදී රාජ්‍ය සේවය සදහා බදවාගැනීම් සිදුකිරීමේදී ආසන්නතම පදිංචිය සදහා ප්‍රමුඛතාවයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. එවිට රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙනු ලබන පෞද්ගලික ගැටලු බොහෝ දුරට අවම වනු ඇත.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ජී.කේ.ජී.ආර්.පී.කේ. නන්දන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.