ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මොහොමඩ් සාග් කතාක් (Maj.Gen.(Retd.) Muhammad Saad Khattak) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවෙයි

ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මොහොමඩ් සාග් කතාක් (Maj.Gen.(Retd.) Muhammad Saad Khattak) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මොහොමඩ් සාග් කතාක් (Maj.Gen.(Retd.) Muhammad Saad Khattak) මහතා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (29) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතා හමුවිය. මෙහිදී ආණ්ඩුකාරවරයා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද කතා බහක් සිදු වු අතර, දෙරටේ මිත්‍රශීලි භාවය වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් එහිදී කරුණු සාකච්ඡා විය. සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න යන මහත්වරුන් ද එක් ව සිටියේය.