ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සිකුරාදාට පෙර පිරිසිදු කළ යුතුයි

නව පාසල් වාරය ඇරඹීමට ප්‍රථාම ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මහනුවර පාසල් කිහිපයක හදිසි නිරීක්ෂණ චාරිකාවක (30) නිරත වෙමින් එම පාසල් වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදුන්නේය. කොරෝනා වසංගත තත්වයෙන් පසු නව පාසල් ආරම්භ කිරීම සදහා රජය පියවර ගැනීමත් සමගම පාසල තුලදී දරුවන් ඩෙංගු උවදුර සදහා ගොදුරු වීමේ අවධානම තුරන් කිරීමේ අරමුණින් මෙම හදිසි පරීක්ෂාව සිදුකළ බව ආණ්ඩුකාරවරයා පවසා සිටියේය. ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේදී පිරිසිදු නොකරන ලද වැහි පිහිලි සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ විශේෂ අවධානය යොමු වු අතර, එම වැහි පිහිලි පිරිසිදු කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතුව පවතින බව විදුහල්පතිවරුන් වෙත පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න,මැණික්හින්න ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.එස්.කේ. බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ද එක්ව සිටියේය.