ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පළාත් පරිසර දින සැමරුම පල්ලේකැලේ දී

ජුනි මස 05 වැනිදාට යෙදී තිබූ ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පළාතේ පරිසර දින සැමරුම් වැඩසටහනක් මහනුවර, පල්ලේකැලේ පටක රෝපණ මධ්‍යස්ථානයේදී ඊයේ(8) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රුක් රෝපණ වැඩසටහනකින්, කෘෂිකර්ම උපකරණ බෙදා දීමේ වැඩසටහන් ද ඇතුලත් ව සංවිධානය කර තිබු මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පරිසරයට අහිතකර ලෙස කටයුතු කිරීම මගින් අද වන විට සමස්ථ ලෝකයාම වන්දි ගෙවමින් සිටින බවයි. එමෙන්ම එක් දිනයකට සීමා නොවිමින් පරිසරය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වන බවයි.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න , පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් සුජාතා විජේසිංහ, පළාත් සෞඛය අමාත්‍යාංශ ලේකම් බි.එච්.එන්.ජයවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියේය.
වාර්තාකරණය රුක්මල් දුශාන්ත