හැඟුම්බර නැවතුමක්

මේ රජ මාළිගාවකි.එසේ මෙසේ රාජ මාළිගාවක් නොව මෙරට අන්තිම රජුන් වු ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවන්ගේ රාජකීය මන්දිරයයි.
අපේ පෞඩ ඉතිහාසය ලොවට කියා පෑමට තවමත් ඉතා හොඳ තත්වයෙන් සුරක්ෂිතව පවතින අපේ අන්තිම රජ මාළිගාවයි. සුන්දර උඩවත්ත කැලය රක්ෂිතය පාමුල මහනුවර ශ්රීදළදා මාළිගාවට යාබදව පිහිටි මෙම සුවිශේෂ රාජකීය මන්දිරය දෙස බලා සිටියදී මෙනෙහි වන බොහෝ දේ ඇත.ජාතියක් වශයෙන් අපට අහිමි වු දේ මෙන්ම හිමි වු දෑද ලියූ හා නොලියූ බොහෝ දේවල්ද නිහඩව බලා සිටින මේ රාජකීය මන්දිරය රහස් වශයෙන් සඟවාගෙන ඇතැයි සිතේ.
විවිධ සතුරු ආක්රමණ වලට මුහුණ දෙමින් රැුක ගෙන ආ අපේ පෞඩත්වය 1815 දී ඉංග්රීසින් විසින් අපේ රට ආක්රමණය කිරීමත් සමඟ අහිමි වු අතර මේ රාජකීය මන්දිරයද අපට අහිමි විය.
සරත් සමරනායක