ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්වරයා ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (Daved Mckinnon) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (Daved Mckinnon) මහතා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (17) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතා හමුවිය. මෙහිදී ආණ්ඩුකාරවරයා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද කතා බහක් සිදු වු අතර, දෙරටේ මිත්‍රශීලි භාවය වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් එහිදී කරුණු සාකච්ඡා විය.
සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.