kandy news web
kandy news web

මහමැතිවරණයට මහනුවරින් බිලි බෝයිස්ලා

0 124

එක්සත් ජාතික පක්‍ෂය තුල මතුවී ඇති අර්බුද ඔඩු දිවීමත් ගම් මට්ටමේ පොහොට්ටුව පක්‍ෂයට ඇති ජනප්‍රියත්වය සමඟ මුහුණදීමට නොහැකි වීමත් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීර්ණය කර ඇති බව වාර්තාවේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නවක මුහුණු කිහිපයක් ඉදිරිපත් කර එම පිරිස බිලි බෝයිස්ලා කර තමන්ගේ ප්‍රතිරූප ආරක්‍ෂා කර ගනිමින් ජාම බේරා ගැනීම මේ පිරිසේ උත්සාහය වී ඇති බවද වාර්තාවේ.
එක්සත් ජාතික පක්‍ෂයට උරුමකම් කියන ප්‍රබල පවුලක තරුණ දේශපාලඥයෙකු මෙම මතය ඉදිරිපත් කර ඇති අතර පසුගියදා ගයන්ත කරුණාතිලක මහතා මහනුවරට පැමිණි අවස්ථාවේදී මෙම පිළිබඳව සාකච්ජා වී ඇති බවද වාර්තාවේ.
ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් නියත පාරාජයක් අත් වන බැවින් එම මහ මැතිවරණය මඟ හැර ඉන් පසුව එළඹෙන පළාත් සභා මැතිවරණය තරඟ කිරීම කෙරෙහි මෙම තරුණ දේශපාලඥයාගේ අවධානය යොමු වී අතර ඊට තවත් ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේද කැමැත්ත පලවී ඇති බවද වාර්තාවේ.


මහනුවර වාර්තාකරු

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.