කන බොන විෂ මදිවට ගන්න හුස්මටත් විෂ
සිරුරට අහිතකර කුඩා ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් කොළඔ මහනුවර ඇතුළු නගර රැසක වායු ගොලයේ - පේරාදෙණිය විශ්විද්‍යාලයේ මහාචාර්ය ඒ. පිටවලගේ හෙළිදරව්වක්

මිනිස් ශරීරයට දැඩි අහිතකර නැණෝ පරිමාණයේ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් නගරාශ්‍රිත වායු ගෝලයේ ව්‍යාප්ත වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය ඒ. පිටවල මහතා පවසයි.
මෑතකදී සිදුකළ පර්යේෂණයක් අනුව කොළඹ, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව Micro Scal Plastic ඝනයට අයත් වන නැණෝ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්තවී තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතළ සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය වකවානුවේදී ඇස්බැස්ටෝස් තහනම් කළේ මිනිස් ශරීරයට හානිකර බැවින් වන නමුත් මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඊටත් වඩා අහිතකර යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී මෙම මස 09 හා 10 දෙදින තුළදී පැවැත්වීමට නියමිත පරිසර හා සංඛ්‍යාන පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කීවේය.
සීඝ්‍ර නාගරීකරණයෙන් යුතු ප්‍රදේශවල හා නගරබදව අහිතකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නැණෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිකුත්වන බවත් පොලිතීන්, ප්ලාස්ටික් ඇතුලු ඝන අපද්‍රව්‍ය ඊට බෙහෙවින් අහිතකර අයුරින් දායකවී ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්හ.
ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් වෙනස්වන පරිසර සාධක මත නැණෝ ප්‍රමාණයේ ප්ලාස්ටික් අංශු සකස්වීම ඉතා සීඝ්රයෙන් සිදුවන බව කී ඒ මහතා නගරයේ දූවිලි සහිත ස්ථාන, ජල මාර්ග සහ අවසාදිත පාංශුවල විශාල වශයෙන් මෙම ප්ලාස්ටික් නිරීක්ෂණය වුණූ බව කීවේය.
ආශ්වාස කිරීම මෙන්ම ජලයට එක්වූ නැණෝ ප්ලාස්ටික් ආහාර මගින් ද මිනිස් ශරීරයට ඇතුලත් වන බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර ගත යුතුව ඇතැයි මහාචාර්ය එ.පිටවල මහතා සදහන් කළේය.
වාහන බ්රේක් ලයිනර් සකස් කරන්නේ ද ඇස්බැස්ටෝස් විශේෂයකින් බව බවත් එයින් නිපදවන දූවිලි අංශු සහිත අපද්‍රව්‍ය නිවාසවල සෙවිලි තහඩුවලට වඩා බෙහෙවින් හානිකර බව කී මහාචාර්යවරයා පරිසරයට හානිකර ද්‍රව්‍ය පාලනයේදී විධිමත් විමර්ශනයක් අනුව අදාළ පියවර ගත යුතුව ඇතැයි කීවේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුලුව පර්යේෂණ කරන ආයතන වසර ගණනාවක් තිස්සේ සෞඛ්‍ය අවදානම් පවතින විවිධ අංශ පිළිබදව දත්ත ගණනාවක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවන්නේ ඉතාම අල්ප වශයෙන් යැයි ද මහාචාර්යවරයා සදහන් කළහ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සාලුක කොඩිතුවක්කු මහතා, එම පීඨයේ පරිගණක සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂaඨ මහාචාර්ය පුෂ්පා විජේකෝන් මහත්මිය ද මෙහිදී අදහස් පළ කළහ.
නදීක දයා බංඩාර මහනුවර