MCC ගිවිසුම ගැන අධ්‍යනය කරනවා – විමල්ගේ ඇමරිකන් විරෝධී හඩෙහී සැර අඩුවෙයි

Millennium Challenge Corporation ආයතනය සමග පසුගිය ආණ්ඩුව ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බැවින් එම්.සී.සී. ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රථමයෙන් අත්සන් කොට ඇති ගිවිසුම් පිළිබඳව අධ්‍යනය කිරීමට සිදු ව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා මහතා පවසයි.
තවත් ගිවිසුමක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ප්‍රථම අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව අධ්‍යනය කිරීමට සිදුව ඇති බවත් ඉන් අදහස් වන්නේ ගිවිසුමට ආණ්ඩුව පක්ෂපාතීය යන්න නොවන බව යැයි අද (02) මහනුවරදී පැවති උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේය.
ගිවිසුම් දෙකක් අත්සන් කර නොමැති නම් නව යෝජනාව එකහෙලාම එම ඉවත් කිරීමට හැකියාව තිබුණු බව, ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ලක්සල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.
හොර රහසේ ගිවිසුම් අත්සන් කරපු අය අද අපෙන් අහනවා ඇයි මේ ගිවිසුම ඉරා නොදමන්නේ කියා. ඉකුත් රජය අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ නීතිමය බැඳීම අප රජය වෙත පැවරී තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණය වෙත තොරතුරු නිසි ආකාරව වාර්තා කර ඇතැයි අපට පෙනෙන්නේ නැහැ.එහි පවතින අඩුපාඩුකම් නිසා තමයි රාජිත සේනාරත්න මහතාට නීතියෙන් ගැලවී යාමට අවස්ථාව ලැබුණි. මෙලෙස යළි සිදු නොවීමට කටයුතු කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු වගකීමක්.
රාජිත සේනාරත්නට පවතින එක සිද්ධියක් සම්බන්ධයෙන් පමණයි එලෙස නීතියෙන් රිංගා යාමට කටයුතු කළේ. ඔහුට එරෙහිව තවත් චෝදනා තිබෙනවා. මේවා සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ ඒ ආකාරයෙන් නීති ක්‍රියාත්මක වනු ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.