වැඩිම අධිවාසි සිතුවම් සහිත ලිහිණියගල ලෙන්විහාරයේ සිතුවම් අනතුරේ

මධ්‍යම පළාතේ වැඩිම ආදීවාසී සිතුවම් සහිත ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් හා පුරාවිද්‍යාත්මක වස්තූන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා විනාශවීමේ අවදානමක් පවතී.
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට අයත් යැයි සැලකෙන මෙම විහාරය පෞරාණිය සංඝාවාසයක්, ඉපැරණි ගල් පියගැටපෙලක්, මහනුවර යුගයට අයත් විහාර මන්දිරයක් හා වැදි සිතුවම්, ගල් කටාරම් ආදියෙන් යුතු ලෙන් ගුහා තුනකින් සමන්විය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂික ස්මාරකයක් ලෙස මෙම විහාරය නම් කර තිබේ. නමුත් එහි ඇති සියලුම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන විනාශවෙමින් යන බව ලිහිණියගල රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය හප්පාවර වජිරඥාන හිමියන් පැවසූහ.
මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවේ මායා රටේ බුදුදහම ව්‍යාප්තවී අති අතර එහි මුලින්ම බුදු දහම ව්‍යාප්තවූ විහාරයක් බවට මෙම ලෙන්විහාරය පත්වූ බව එහි ඇති සෙල්ලිපියකින් අනාවරණය වේ. පූර්ව බ්රාහ්මී අක්ෂරවලින් එම සෙල්ලිපිය සදහන් කොට ඇතැයි විහාරාධිපතිහිමියන් පැවසූහ.
ආදිවාසීන් ජීවත්වූ බවට සාක්ෂි මෙම ස්ථානයේ පවතින අතර ඔවුන් කටු මැටි ආදියෙන් යුතු කුඩා ආවරණ සකස් කර ගනිමින් මෙම ගල්ගුහාවන් තුළ ජීවත්වී ඇත. එම ලෙන් තුනම ගල් කටාරම්වලින් සමන්විත අතර එක් ගුහාවක ඇදි වැදි සිතුවම් 13ක් දැකිය හැකිය. එම සිතුවම් අනාරක්ෂිත තත්ත්වයේ පවතින අතර බාහිර පුද්ගලයන්ට කිසිදු බාධාවකින් තොරව පැමිණ සිතුවම් විනාශ කළ හැකි බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රමයක් අනුගමනය කරන මෙන් විහාරාධිපතිහිමියන් ඉල්ලා සිටියි.
මහනුවර යුගයේ ඉදිකරන ලදැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාව සහිත විහාර මන්දිරය සම්පූර්ණයෙන් ම සිතුවම් වලින් සමන්විතය. එහි සිතුවම්වලින් යුතු උඩු වියනක් ඇති අතර දෙපස සීගිරි ළලනාවන් වැනි චිත්‍ර දෙකකින් ද යුක්ත වේ. වර්ණ සිතුවම් හා හැඩතල ආදියෙන් මහනුවර යුගයට අයත් බව සැලකිය හැකි නමුත් ඊට පෙර යුගයක තිබී මෙම විහාර මන්දිරය විනාශ වී ඇති බවට සක්ෂි ඇති බව පූජ්‍ය හප්පාවර වජිරඥාන හිමියන් කීහ. දැනට පවතින විහාර මන්දිරයට වඩා විශාල විහාර මන්දිරයක් තිබුණු බවට සාක්ෂි තිබෙන බවත් පවතින විහාරයෙන් බාහිර ස්ථානවල පවා වර්ණ සහිත සිතුවම් තිබෙන බව ද උන්වහන්සේ කීහ.
ඓතිහාසික වැදගත්කම පිළිබදව අවබෝධයක් නොමැති පිරිස් මෙම සිතුවම් අතින් ඇල්ලීම, ඒ මත හේත්තු වී වැද නමස්කාර කිරීම වැනි ක්‍රියා නිසා විහාර මන්දිරය විනාශ විය හැකිය.
වසර 150ක් පමණ පැරණි දෙමහළ සංඝාවාසය මේ වන විට විනාශවෙමින් පවති. එහි සිංහළ උළු සහිත වහළය මේ වන විට විනාශවි ඇති නිසා දායක පිරිස්ගේ ආධාර සහිතව ටකරන් සෙවිලි තහඩු වසා දැමීමට විහාරාධිපතිහිමියන් ක්‍රියා කර ඇත. සිව් නමක් වැඩ සිට ඇති මෙම සංඝාවාසයේ උඩු මහළට මේ වන විට පිවිසීමට නොහැකි වී ඇත්තේ එය දිරාපත්වී ඇති නිසාය. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවෙන්නේ නම් තවත් වසර කිහිපයකින් එය දිරිපත්ව කඩා වැටීමේ අවදානමක් පවති.
ක්‍රිස්තුපූර්ව යුගයේ සිට මේ දක්වා කඩින් කඩ වල් වැදී විනාශවෙමින් පැවැති ලිහිණියගල ලෙන් විහාරය ආරක්ෂා කර ගැනීම සදහා බලධාරීන්ගේ නිසි අවධානය යොමු කරන ලෙස විහාරාධිපතිහිමියන් ඉල්ලා සිටියි.
මහනුවර නදීක දයා බණ්ඩාර
ඡායාරූප