උඩවලව හා යටියන්තොට ප්‍රදේශවලදී කොටි දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

පොලිස් විශේෂ කාර්ය බලකාය වනජීවි නිලධාරීන් සමග එක්ව උඩවලව වනෝද්‍යානය තුළ පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඊයේ අලුයම එම මෙහෙයුම ආරම්භ කළ බවයි.
පසුගියදා උඩවලව හා යටියන්තොට ප්‍රදේශවලදී කොටි දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
යටියන්තොට, පේරගස්හන්දිය, පිල්ලහේන ප්‍රදේශයේ කොටියෙකු මද්දකට හසු වී මිය ගොස් තිබු අතර
උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මව්ආර ජලාශය අසළින්ද ඝාතනයට ලක් වූ කොටියෙකුගේ සිරුරක් පසුගියදා සොයා ගැනුණි.
වනජීවි සම්පත් රාජ්‍ය අමාත්යං විමලවීර දිසානායක මහතා පැවසුවේ, මෙම ඝාතන කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන්නේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයට ලක්ව ඇති බවයි.