ජාතික ආරක්ෂාවට විනකරන කිසිදු දෙයකට ඉඩක් නෑ-විපක්ෂ නායක

තමාගේ ධුර කාලය තුළ ජාතික ආරක්ෂාවට විනකරන කිසිදු දෙයකට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ අද මහජනතාවට ස්තූති කිරීම සඳහා දිවයින පුරා සංවිධාන කරන රැස්වීම් මාලාවේ තවත් රැස්වීමකට ගාල්ල බද්දේගම නගර ශාලාවේ දී එක්වෙමින්.
අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇල්පිටිය ආසනයේ ජනතාවට ස්තූති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ සංවිධාන කර තිබූ ජනහමුවට එක් විය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද බණ්ඩාරගම පැවති මාධ්‍ය හමුවකදී ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද පෙරවරුවේ ගැටබේ රාජෝපවනාරාමය වෙත පැමිණ පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
තිස්ස අත්තනායක මහතා බන්ධනාගාරගතව සිටියදී රචනා කරන ලද නොකියූ කතා ග්‍රන්ථය මෙහිදී උන්වහන්සේට පිළිගන්වනු ලැබුවේය.