පුංචි ලෝකාන්තය බලන්න ගිය පිරිසක් සමඟ කැබ් රථයක් ප්රපාතයකට

වියලුව පිටමාරුව ප්රදේශයේ පිහිටි පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණි පිරිසක් ගමන් ගත් කැබ් රථයක් අද (04) රාත්රී 8.00 ට පමණ පිටමාරුව කළුගහකඳුර ප්රධාන මාර්ගයේ 9වන කිලෝමීටර කණුව අසළදී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 20 ක පමණ ප්රපාතයකට පෙරළී ඇති බව වාර්තා වේ.
මෙම පිරිස මහනුවර කටුගස්තොට ප්රදේශයේ පිරිසක් බව අනාවරණය වී ඇත.
එහි ගමන් ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
සිද්ධියෙන් රෝහල් ගතකර ඇත්තේ මහනුවර කටුගස්තොට ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක හා 46 ක පුද්ගලයින් දෙදෙනෙක්.
කැබ් රථයඅනතුරට ලක්වන අවස්ථාවේ එහි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ගමන් ගෙන ඇති අතර සෙසු පිරිස සුලු තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ධාවනය වෙමින් තිබූ කැබ්රථයේ තිරිංග ක්රියා විරහිත වීමෙන් අනතුර සිදුවූ වූ බව වාහනයේ ගමන ගත් පිරිස පවසා ඇත.