රිෂාඩ්-අසාද්-හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න කමිටුවක්

අසාද සාලි, රිෂාඩ් බදියුර්දීන් හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයවලුන් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට කමිටුවක් ස්ථාපිත කරතිබේ.
මෙම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුක්තව පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.
අද (04) සිට ලබන (12) වනදා දක්වා පෙරවරු 8 සිට පස්වරු 4 වනතුරු ජනතාවට ලිඛිතව මෙම කමිටුවට පැමිණිලි ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.