කුරුණෑගල රෝහලේ සැත්කම් පැමිණිලි 16ක්

කුරුණෑගල මහ රෝහලේ සිසේරියන් හා නාරිවේද සැත්කම් පිළිබඳ සැකයක් පවතින්නේ නම් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි 16ක් පැමිණ ඇති බව වාරතා වේ.
අද (27) වන දින කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.
කුරුණෑගල , වාරියපොළ , ගලේවෙල , දඹුල්ල , මාවතගම , මැල්සිරිපුර ආදි ප්රදේශවල විවාහක කාන්තාවන් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.