ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග කල් දැමීමක් සිදු නොවේ

රටේ පැවති ආරක්ෂක හේතුන් මත පාසල් හා අතිරේක පංති කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට ගැටළුකාරි තත්වයක ඇති විය.
නමුත් මේ වන විට රටේ ජන ජීවිතය කිසිදු ගැටළුවක් නොමැතිව පවත්වාගෙන යනු ලබයි.
එබැවින් එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කිසිදු හේතුවක් මත කල් දැමීමට කටයුතු නොකරන බව විභාග කොමසාරිස්වරයා පැවසීය.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 4 වැනිදාද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වාද පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.