කැකිරාව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

ආඩියාගල පාර, මඩාටුගම, හා සමගි මාවත, මඩාටුගම පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සමඟ C 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 168 ක්, මාකර් පෑනක් තුළ සවිකර තිබූ කොළ සහ කහපාට වයර් කැබැලි දෙකක්, විදුලි ඩෙටනේටරයක් සහ දෙමළ බසින් මුද්‍රණය කරන ලද අන්තවාදී ආගමික පොත් 5ක් අත්අඩංගුවට ගෙන ඇත.
මඩාටුගම මාසිතාක් නමින් පවත්වාගෙන යනු ලබන මුස්ලිම ආගමේ පෙරපාසල් ගොඩනැගිල්ලක සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇත.
සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව පොලිසියට භාරදී තිබේ.