සිසේරියන් හා නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ නම් දන්වන්න

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ලද ජ්‍යෙෂ්ඨ මුස්ලිම් වෛද්‍යවරයකුට එරෙහිව සිංහල කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් කළේ යයි චෝදනා එල්ල වී ඇත.
එමෙන්ම ඔහු සැකකටයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාවක් යටතේ මේ වන විටද කුරුණෑගල පොලීසිය විසින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අද (25) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රෝහල් අධ්යක්ෂවරයා ප්‍රකාශකර සිටියේ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම මේ වන විට වඳ සැත්කම් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සොයා බැලීම සඳහා මේවනවිට රෝහල් මට්ටමෙන් පරීක්ෂණයක් අරඹා ඇති බවයි.