වෙඩි තැබීමකින් පොලිස් නිළධාරියෙකු මරුට

නීති විරොධී මත්පැන් වැටලීමකදී සැකකරුවකු විසින් තබන ලද වෙඩි තැබීමකින් පොලිස් නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අකුරැස්ස පොලිස් වසමේ ඌරුමුත්ත ප්රදේශයේදී මෙම වැටලිම සිදුකර තිබේ.
ඊයේ (22) සවස 02ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර ඒ පිළිබඳ විශේෂ විමර්ෂනයක් සිදු කිරීමට නියමිතයි.
මියගිය නිලධාරියා වයස අවුරුදු 30 ක් වු කොළඹගේවත්ත, දිද්දෙණිය, කනංකේ ලිපිනයේ පදිංචිකරුවෙක් වන අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කලහගේ ලොකුගේ කසුන් සම්පත් නැමති පොලිස් කොස්තාපල් (77290) වරයෙකි.
මෙම වෙඩි තැබීම සිදු කල පුද්ගලයා එම ප්රදේශයේ පදිංචි ලොකුගේ ධර්මසිරි නැමැත්තෙක් බව පොලීසිය හඳුනාගෙන තිබේ.
වෙඩි තැබීමෙන් පසු අදාල පුද්ගලයා ප්රදේශයෙන් පලාගොස් සැගව සිටින අතර අදාල සිදුවීම පිළිබඳ විශේෂ විමර්ෂණයක් අකුරැස්ස පොලීසිය සිදු කරයි.