මහනුවර ප්‍රදේශයේ කටකතා ප්රචාරයන්ට නොරැවටෙන්න
තෙරුණි ද සිල්වා

මහනුවර හා ඒ අවට ප්‍රදේශ වල අද (22) පැතිර යන ආරක්ෂාව පිළිබඳ කටකතා පිළිබඳ කරන ලද විමසුමකදී එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක අංශ රටවටා පුවත් වෙත ප්‍රකාශ කරයි.
දැනට පවත්නා සාමකාමී ජන ජීවිතය කඩාකප්පල් කරමින් ගැටළු ඇති කිරීම වෙනුවෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරනු ඇතැයි අදහස් දක්වන ආරක්ෂක අංශ මෙවැනි අවස්ථාවන් වලදී කිසිදු හේතුවක් නොදැන කළබලයට පත්ව ක්‍රියා නොකර සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
යම්කිසි තොරතුරක් ලද සැනින් ආරක්ෂක අංශ දැනුවත් කර ඉන් අනතුරුව අදාල ක්‍රියාමාර්ග වලට එළඹීමෙන් මෙවැනි තත්ව ඇතිවීම් වලක්වාගත හැකි බවත් ආරක්ෂක අංශ තවදුරටත් ප්‍රකාශ කරයි.