අදට මාසයයි

අප්‍රේල් 21 වන පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් සිදුවූ ඛේදවාචකයට අදට පුරා මසක් ගතවේ.
නොසිතූ මොහොතක නොපැතූ වෙලාවක සිදු වූ සිදුවීමෙන් මරණයට පත්ව අප අතරින් වෙන්වූ හා තුවාල ලබා සදාකාලික ආබාධිත තත්වයට පත්වූවන්ටද සිත් වේදනාවෙන් පසු වන්නාවූ සියලු දෙනාවද මේ මොහොතේ මතක් කරමින් සිත් සතන් සනසවමින් සාමය උදාවේවා යැයි ප්‍රාර්තනා කරමු.