kandy news web
kandy news web

පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව සිරිපා කරුණා කරමු

මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීමක්

0 184

සෑම වසරකම උදුවප් මස පොහොය එළඹීමත් සමඟ සිරිපා සමය ආරම්භ කරයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ සංස්කෘතික උරුමයක් මෙන්ම පාරිසරික උරුමයක් වන ශ්‍රී පාදය බෞද්ධ බැතිමතුන්ගේ මෙන්ම බෞද්ධ නොවන සෙසු ආගම්වල ජනතාවගේද අඩු වැඩි වශයෙන් මෙම සිරිපා වන්දනාවට එක්වෙති.

උදුවප් මාසයේ සිට වෙසක් මාසය දක්වා සිරිපා වන්දනා සමය දිව යන අතර ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම කාල අවකාශය තුළ යනෙන බැවින් ප්‍රදේශයේ පරිසරයට දරාගත නොහැකි තරමේ ප්‍රමාණයෙන් කැළි කසල එකතුවීම සිදු වේ. මේ වන විට මෙම තත්වය පාලනය කරගත නොහැකි තරම් වූ බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වී ඇත.

AD2

මේ තත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මධ්‍යම පරිසර අධිකාරිය සමග අදාළ ආයතන ගණනාවක් හා විවිධ ස්වෙච්ඡා කණ්ඩායම් සමඟ එක්ව ශ්‍රී පාද රක්‍ෂිත පරිසරය සංරක්‍ෂණය උදෙසා පියවරයන් ගණනාවක් ගනු ලැබීය. මේ වන විට හානිදායක පොලිනීන් නිෂ්පාදන කීපයක තහනමත් සමග අපද්‍රව්‍ය ජනනය කිරීම හැකිතාක් අඩු වී ඇත. ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිටත් මෙම තත්වය අවම කිරීම උදෙසා විශාල මෙහෙයක් සිදු කරමින් කටයුතු කරයි. 

ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන ඒක දේශික ශාක මෙන්ම සත්ත්ව විශේෂ ගණනාවක් සමගින් ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශයක් ලෙසින් පැවතීම නිසා මානව ක්‍රියාකාරකම් හේතුකොටගෙන ඇති වී තිබෙන පරිසර දූෂිත තත්වයන් වහාම පාලනය කළයුතු බවත් පරිසර හිතකාමි මෙවලම් පමණක් බාවිත කළ යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා අවධාරණය කර සිටිනවා.                                                                      

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.