අමෙරිකාවේ ටොනෙඩෝ තත්වයක්

අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ පිහිටි සියැටල් නගරයට බලපෑ ටොනෙඩෝවක් හේතුවෙන් නිවාස හා දේපල රැසකට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ටෝනේඩෝව ඊයේ (18) පස්වරුවේ හටගෙන වී ඇති අතර නිවාස 7ක පමණ වහල මුළුමනින්ම විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම ටොනෙඩෝ තත්ත්වෙයන් පුද්ගල හානියක් සිදු වී නැති අතර එහි සිදුවූ අලාභහානි වලට අමතරව ගෑස් කාන්දුවකින් තවත් නිවාස 20කට පමණ හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සියැටල්හි ජාතික කාලගුණ සේවයේ විද්‍යාඳ බ්‍රෙන්ට් බෝර් පවසන්නේ රේඩාර් දත්ත හා වීඩියෝ දර්ශන අනුව මෙම ටොනොඩෝ තත්ත්වය අඟහරුවාද පස්වරු 2ට පමණ ඕර්චර්ඩ් වාරයේ දකුණු දෙසින් පළමුවෙන්ම සියැටල් වෙත කඩා වැදුණු බවයි.