ජනපති චීනයට යයි

චීනයේ සංචාරයක් සඳහා අද (13) උදෑසන ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන ගුවන් යානයෙන් ජනාධිපති ඇතුළුව දූත පිරිස අද උදෑසන 7.35 ට මුලින්ම සිංගප්පූරුව බලා පිටත්ව ගියහ.
මේ සදහා දූත පිරිස ලෙස 27 ක් සහභාගී වී සිටි බව වාර්තා වේ.