තවුහිත් ජමාත් සංවිධානයට අයත් යැයි සැකකෙරනෙ ටී56 අවි දෙකක් සොයාගැනේ

ටී 56 අවි දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් වාලච්චේන මීරාඔඩෙයි ප්රදේශයේ හා කුඹුරුමුල්ල කජුවත්ත ප්රදේශයෙන් සොයාගත් බව ප්රකාශකරයි.
එම අවි තවුහිත් ජමාත් සංවිධානයට අයත් බවට සැකකරයි.
මෙම ටී 56 ගිනි අවි දෙක අගල් 4 හා අගල් 6 පී.වී.සී ප්ලාසිටික් බට දෙකක දමා දෙපැත්ත ආවරණය වන ලෙස සීල්කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
වාලච්චේන පොලිසියට ලැබුණු තොරතුරක් මත අගල් 4 පී.වී.සී නලයක බහා තිබූ ටී 56 ගිනි අවියක්, උන්ඩ 15 ක් සහ මැගසින් 2 ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
කඹුරුමුල්ල කජුවත්ත ප්රදේශයේ වළ දමා තිබූ අගල් 6 ක පී.වී.සී නලයක් තුළ ටී 56 ගිනි අවියක් බහා තිබු බවද පොලිසිය පවසයි.
එහි වළා දමා තිබූ සෙසු භාණ්ඩ අතර ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, පතුරම් ගැබ් දෙකක්, ජෙලෙග් නයිට් කරල් 4 ක්, ඩෙනේටර් 9 ක්, සේවා නුල් ඇතුළු උපකරණ රැසක් තිබී ඇත.