කළුතර ප්රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි

කළුතර ප්රදේශ රැසකට හෙට(08) පැය 12 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
ඒ අනුව හෙට පෙරවරු 08.00 සිට පස්වරු 08.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කළුතර උතුර, කළුතර දකුණ, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල සහ මග්ගොන යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
එමෙන්ම බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පැවසීය.