ත්‍රිවිධ හමුදා නිල ඇදුම් සහිත ගෝනි දහයක් නිවසකින් හමුවේ

තලාපිටිය ප්‍රදේශයේ නිවසක ගෝනි 10ක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත
එම නිවසේ නිල ඇඳුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් තිබී සොයා ගන්නා ලද අතර ඒවායේ රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවත් එම නිල ඇඳුම් බියගම ප්‍රදේශයේ කම්හලක මසනු ලබන ඒවා බවත් පොලිසිය පවසයි.
ගාල්ල පොලිසිය විසින් අද (06) කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නිල ඇඳුම් තොගය සොයාගෙන ඇත.