kandy news web
kandy news web

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

0 27

මාරවිල නගරයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් පරීක්ෂා කරමින් සිටින විටදී  ඊයේ (05) රාත්‍රි  9.00ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති බව පොලීසිය පවසයි.

AD2

එහිදී එක් අයෙකු පොලිස් නිළධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එවිට එහි සිටි අනෙක් පොලිස් නිළධාරියා අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ පසුවු අදාළ පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇත.

ලෙස මියගොස් ඇත්තේ හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

පහරකෑමට ලක්වු පොලිස් නිළධාරීයාද ප්‍රතිකාර සඳහා මේ වනවිට මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.