කඩු, කිනිසි බාර දීමේ කාලය දීර්ඝ කරයි

නිවෙස්වල සහ යම් යම් ස්ථානවල සගවා ඇති කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙනැවිත් බාර දීමට දින දෙකක් ලබා දී තිබුණි.
එලෙස ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එම කාලය ඊයේ (05) රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය