බෙලිඅත්තේ සිට පැමිණි දුම්රියක් පානදුරේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ

බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් පානදුර දුම්රිය ස්ථානයේ හදිසියේ නතර කර තිබේ.
එම දුම්රියේ සැකකටයුතු පුද්ගලයෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙය සිදුකර ඇති බව වාර්තා වේ.
මේ වන විට දුම්රිය විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන අතර මෙම තත්වය හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් විය හැකි බව පාලක මැදිරිය පවසයි.