අකුරණ වැටලීමකදී පුද්ගලයින් 12 දෙනෙකු හා කඩු හා උපකරණ රැසක් අත්අඩංගුවට

කටුගස්තොට අකුරණ සිදුකළ වැටලීමකදී කඩු සහ තවත් උපකරණ සමඟ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදාවේ 11 වන සේනාංකයේ භට කණ්ඩායමක් විසින් අදාල සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති බව වාර්තා වෙයි.
මෙහිදී කඩු 03 ක්, ගිනිඅවි කොටස් කිහිපයක්, යුධ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක්, තවුහිද් ජමාත් සංවිධානයට අයත් බව සැලකෙන පෝස්ටර්, බැනර් සහ සංයුක්ත තැටි කිහිපයක්, රථවාහන අංක තහඩු කිහිපයක්, ව්‍යාජ ගමන් බලපත්‍ර, ජාතික හැදුනුම්පත්, උප්පැන්න සහතික ඇතුළු තවත් භාණ්ඩ රැසක් මෙහිදී යුධ හමුදාව බාරයට ගෙන ඇත.
අදාල මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි යුධ හමුදාව සඳහන් කළේය.