ඇල්පිටිය අටකෝට, මංසන්දියේ ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කෙරේ

ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසලදි පුද්ගලයකු මරාදමා තිබේ.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා කුරුදු ව්‍යාපාරිකයෙකු වන අතර තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව ඇල්පිටිය පොලීසිය පවසයි.
පේදුරුහේවා සෝමතිලක (46) නැමති දෙදරු පියකු වන මොහු කුරුදු ව්‍යපාරිකයකු මෙන්ම සමාජ සේවකයෙකි.
ඊයේ(28) රාත්‍රියේ 11.25 ට පමන යතුරු පැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදි නිවස ආසන්නයේ දි තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
මළ සිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර තිබේ.