ජංගම දුරකථන කිහිපයක්, කැමරාවක් සහ ජීව උණ්ඩ තොගයක් කිලිනොච්චියේදී සොයාගැනේ

කිලිනොච්චිය, කනකාම්භියේ කුලම් ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන කිහිපයක්, කැමරාවක් සහ ජීව උණ්ඩ තොගයක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.
කිලිනොච්චිය පොලීසියට ලද තොරතුරක් මත අදාළ පාළු නිවස අද(29) අළුයම පරීක්ෂා කිරීමේදී මෙම භාණ්ඩ සොයාගත් බව ධර්මපුරම් පොලීසිය පවසයි.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට යකඩ බඩු අලෙවිකරන ව්‍යාපාරිකයෙන් මෙහි පදිංචිව සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.