නින්දවූර් නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක කොටස් හමුවෙයි [Photo]

අම්පාර නින්දවුර් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් සිටින බවට ලද තොරතුරු මත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්වම මෙම සෝදිසි මෙහෙයුම සිදු කළ බවයි.
අදාළ නිවසේ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා සවිකරණ කුඩා යකඩ බොල සවිකල තහඩුවක්, එම බෝඩ්වලට සවිකරණ ස්විච්චයක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
එසේම ලියාපදිංචි නොකළ වෑන් රථයක්, උල් පිහියක් ඇතුළු භාණ්ඩ රැසක්ද එහි තිබී සොයාගෙන තිබෙනවා.