මරාගෙන මැරෙන බෝම්බකරුගේ නමට ලියාපදිංචි වාහන 05

පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් මොහොමඩ් අසාම් නමට ලියාපදිංචි කළ රථ වාහන 5 ක් ඇති බව ආරක්ෂක අංශ මේ මේ වනවිට අනාවරණ කර ගෙන තිබේ.
ඊයේ(26) රාත්රියේදීද ඔහුගේ නමට ලියාපදිංචි වු යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
දෙහිවල සරණංකර පාරේ නිවසක සගවා තිබියදි පොලිස් නිලධාරින් විසින් එය සොයාගෙන ඇති අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙරද ඔහුගේ නමින් ලියාපදිංචි වූ ලොරි රථයක් පොලීසිය විසින් සොයාගනු ලැබුනි.