වැල්ලවායේ දී අත්බෝම්බයක් සොයාගනී
ජයන්ත වීරසේකර - වැල්ලවාය

වැල්ලවාය මහවෙළමුල්ල ප්රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊයේ (26) රාත්රි පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී මෙම බෝම්බය හමු වී ඇත.පසුව යුද හමුදාව සහ පොලිසිය එක්ව ප්රදේශයේ සොදීසි මෙහෙයුමක් ආරම්භ කල අතර එහිදී ප්රදේශය විශේෂ සොදිසියකට ලක් කර තිබෙනවා.
ඊයේ (26) රාත්රි කාලයේම යුද හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයේ දීම එම බෝම්බය නිෂ්ක්රීය කිරීමට කටයුතු කල අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.