හෙට සිට අඩු පීඩන කලාපයක් වර්ධනය වේ

සමකය ආසන්න නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් හෙට (26) දින පමණ සිට වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (25) සවස 2න් පසු බොහෝ ප්රදේශවග වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකිය.
අකුණු මඟින් ඇතිවන අතතුරු අවම කර ගන්නා ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.