මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයන් රැසක් අත්අඩංගුවට

මේ අතර දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුම්වල දී ප්රශ්න කිරීම සඳහා පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
විශේෂ කාර්ය බලකාය සමග එක්ව පොලිසිය පොලිස් මෙම මෙහෙයුම් ක්රියාත්මක කළ බව වාර්තා වේ.
බේරුවල, දර්ගා නගරය, කටාන කටුවාපිටිය හා වරකාපොල යන ප්රදේශවලදී මෙහෙයුම් ක්රියාත්මක වුණා.
දර්ගා නගරයේ සහ බේරුවල ක්රියාත්මක කළ මෙහෙයුම් වලින් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කරයි.
කටාන කටුවාපිටිය ප්රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 6ක් වූ බව වාර්තා වේ.
එමෙන්ම වරකාපොල පොලිස් වසමේ අඟුරුවැල්ල පාර, මස්ජිත් මාවතේ නිවසක් පරීක්ෂා කර අත්අඩංගුවට ගත් සැකකරුට අමතරව එම නිවසේම සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එසේම හෙම්මාතගම පොලිස් වසමේ දී මොවුන් හා සම්බන්ධ තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම නිවසේ තිබූ SGPH 3779 දරණ වෑන් රථයක්, යතුරුපැදියක් හා වෝකි ටෝකි 4ක් ද වරකාපොල පොලිස් බාරයට ගෙන ඇත.