කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ හමුවූ බෝම්බය නිශ්ක්රීය කරයි

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු වි ඇති බව වාර්තා වෙයි.
සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිට ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙහිදී අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ජනතාව ඔහුට ප්රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.
පසුව ඔහුව ජම්පටාර් වීදිය ඔස්සේ ඉදිරියට යමින් සිටිය දී වෑන් රථය නවතා තැබූ ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇත.
පිපිරීමෙන් සිදුව ඇති හානිය මෙතෙක් වාර්තා නොවන අතර, ජීවිත හානි සිදුව ඇත්දැයි තවමත් තහවුරු වී නොමැත.