සැකකරුවන් 24ක් අත්අඩංගුවට

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
අදාළ සැකකරුවන් මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
මේ අතර එම පිපිරිම්වලට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල නගරයේ ලැගුම් හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති බව ප්‍රකාශ වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට භාරදී ඇති බවයි.