උතුරු පළාත් සභාවේ රාජ්ය ආයතන නිවාඩු

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්ය ආයතන වෙත අද(22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
උතුරු පළාත් සභාවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ ආරක්ෂාව පතා අදාළ තීරණය ගත් බව එතුමන් විසින් ප්රකාශ කරයි.
ප්රවාහන පහසුකම් ලබාගැනීම ඇතුලු දුෂ්කරතා රැසක් පැන නැඟී ඇති බැවින් පළාත් රාජ්ය ආයතන වෙත නිවාඩු ලබාදුන් බවද හෙතෙම පැවසුවේය.
ලබාදෙන නිවාඩු දිනය වෙනුවෙන් ඉඳිරියේදී සේවා දිනයක් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දෙන බවද පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන් පැවසූහ.