kandy news web
kandy news web

UPDATE: දිවයින පුරා සිදු වූ පිපිරීම්වලින් පුද්ගලයන් 35කට අධික පිරිසක් මරුට – 170ක් රෝහලට

සැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් තුළත් පිපිරීම්

0 144

කොළඹ කොච්චිකඩේ, මීගමුව කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක ඇතුළුව දේවස්ථාන හතරක සහ කොළඹ සැංග්‍රිලා, සිනමන්ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි යන සුපිරි හෝටල්වල ද පිපිරීම් සිදුව ඇති බව වාර්තා වනවා.

කොළඹ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයන් 20ක් 25ක් අතර මරණයට පත්ව ඇති බවත් කොළඹ පිපිරීම්වලින් තුවාල ලැබූ පුද්ගලයන් 170කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් ඇති බවත් රෝහල් ආරංචි පවසනවා. 

AD2

අද (21) උදෑසන 8.45ට පමණ මෙම පිපිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන් මේ වන විටත් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. 

මඩකලපුව සියෝන් දේවස්ථානයේද පිපිරීමක් සිදුව තිබෙනවා. එම පිපිරීමෙන්ද දස දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 
 


UPDATE: කොච්චිකඩේ පිපිරීමෙන් 20කට අධික පිරිසක් මරුට – 170ක් රෝහලට [Apr 21, 2019 @ 10:12]

 

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 170  ඉහළ ගොස් ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

එසේම පිපිරීමෙන් පුද්ගලයන් 20ත් 25ත් අතර පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වනවා. 

 

 

කොළඹ දෙවස්ථාන දෙකක සහ සුපිරි හෝටල් දෙකක පිපිරීම් දෙකක් [Apr 21, 2019 @ 09:58]

කොළඹ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ කටාන කටුවාපිටිය දේවස්ථානයේ මෙන්ම කොළඹ සැංග්‍රීලා හෝටලයේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම් හතරක් සිදුව තිබෙනවා. එසේම මඩකලපුව ප්‍රදේශයේද පිපිරීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 80කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ගෙනවිත් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. 

අද උදෑසන 8.45ට පමණ මෙම පිපිරීම් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.