kandy news web
kandy news web

අද එකම සොහොන් බිමක මිහිදන් වන මහියංගනයෙන් නැවතුනු කදුලු කතාව

0 137

මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ  මෘත දේහයන්  හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක  වෑන් රථය  මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

AD2

එහිදී මෙලෙස වෑන් රථයේ ගමන් කළ 10 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලැබුහ.  

මිය පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මහයංගන රෝහලේ දී සිදුකෙරිණි. 

එහිදී මෙම මරණ වලට හේතුව  අනතුරරේ දී සිදුවූ දැඩි තුවාල, කම්පනය  හා අධීක රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ බව වාර්තා වේ.

මෘත දේහ අද (18) අලුයම මඩකළපුවට රැගෙන ගිය බව පොලිසිය ප්‍රකාශ කරයි.

එලෙස මිය ගිය 10 දෙනාගේ අවසන් කටයුතු  අද(18) කතෝලික දේවස්ථාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් එහි තැන්පත් කර කිතුණු දේව මෙහෙයෙන් පසු  කතෝලික සුසාන භූමියේ මිහිදන් කිරීමටත් කටයුතු යොදා ඇති බව පවුලේ  ඥාතීයකු පැවසීය.

මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු හෙට(19) සිදුකිරීමට නියමිතව තිබුණද, පවුලේ ඥාතීන්ගේ අවශ්‍යතාව මතා එය අද(18) සිදුවන බව  පොලිසිය පැවසීය

තුවාල ලැබු 13  හැවිරිදි හා 16 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් මේ වන විටත් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.