” දැවී ගියේ ජාතියක හෝ ආගමක සංඛේතයන් නොව මානව ශිෂ්ටාචාරය නිර්මාණය කල අනභිභවනීය කලාගාරයකි.. “
ශෂිකලන රත්වත්ත

ආසියාවේ බෞද්ධ පුනුරුදය සමග බිහි වූ චිත්‍ර හා මූර්ති කලා සම්ප්‍රදායන් ද, ඉතාලිය ග්‍රීසිය මුල්කොටගත් ග්‍රීක කලා සම්ප්‍රදායන් ද, ඉපැරැණි මිසරය තුලින් බිහි වූ ඊජිප්තු කලා සම්ප්‍රදායන් මෙන්ම අනෙකුත් ශේෂ වූ කලා සංස්කෘතීන් ලොව පුරා බිහි වූයේ ඒ ඒ ජන වර්ගයන්ගේ ස්වකීය ආගමික හා භක්තිය මුල් කොටගෙනය .
යේසුස් දිව්‍ය පුත්‍රයාගේ කටු ඔටුන්නද, එතුමා දරා සිටි කුරුසයේ කොටසක් ද ඇතුලු සෙසු සිතුවම් හා මූර්ති ද සහිත වූ නොට්රඩෑම් දේවස්ථානය ආගමකට හෝ ජාතියකට අයත් වස්තුන් නොව, අජන්තා එල්ලෝරා සිතුවම් මෙන්ම, බාමියන් බුදු පිළිම මෙන්ම, ඊජිප්තුවේ ස්පින්ක්ස් ප්‍රතිමා මෙන්ම, මීඩම්හි පාත්තයෝ මෙන්ම, ඩේවිඩ් ප්‍රතිමාව මෙන්ම ගිනිගෙන දැවුණු බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය මෙන්ම, is ත්‍රස්තයින් විනාශ කල මොසුල් කෞතුකාගාරය මෙන්ම ලොව අනභිභවනීය කලා නිර්මාණයන්ගේ තිඹිරිගෙයකි.
ගිණිදැල් දවා හළු කලේ තවත් එක දේවස්ථානයක් නොව ඔබෙත් මගෙත් මානව ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්යන්ගේ ජීවමාන සළකුණු ය…