ඔළිඳ කෙළිය

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ?
ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙණත් සදන්නේ කොයි දේසේ?
ගෙණත් සදන්නේ සිංහල දේසේ
ඔළිඳ වැපුරු වද බලකොයි නෑනෝ
එක් පෙති වෙච්චද බලකොයි නැනෝ
දෙපෙති වෙච්චද බලකොයි නෑනෝ
තුන් පෙති, වෙච්චද බලකොයි නෑනෝ
රෑන් ඇදිච්චද බලකොයි නෑනෝ
ගසට පලච්චද බලකොයි නෑනෝ
මල් අට ගත්තද බලකොයි නෑනෝ
පලු අට ගත්තද බලකොයි නෑනෝ
කිරි සල් වෙච්චද බලකොයි නෑනෝ
ඔලිඳ පැසිච්චද බලකොයි නෑනෝ
ඔලිඳ කඩන්නට යමු අපි නෑනෝ
[ගායනය – අචින්දි ආශිංශනා – පාසල – ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය]
ඔලිඳ කඩන්නට මොකද ගෙනෙන්නේ?
රත්තරනෙන් රන් කෙක්ක ගෙනෙන්න්
කෙක්ක කපන් නට මොකද ගෙනෙන්නේ?
රත්තරනෙන් රන් ගිරේ ගෙනෙන්නේ
කෙක්ක වෙලන්නට මොකද ගෙනෙන්නේ?
රත්තරනෙන් රන් කෙන්ද ගෙනෙන්නේ
ඔලිඳ නෙලන්නට මොකද ගෙනෙන්නේ?
රත්තරනෙන් රන් පෙට්ට ගෙනෙන්නේ
මගට කන්ඩ තණ බත් මුල උයා ගන්න නෑනෝ
පුහුල් සමග කිරි ඇඹුල උයා ගන්න නෑනෝ
නාගස යට කපු ගස කප්පාලා
ඔලිඳ පෝරුව සොඳට සදාලා
හතේ මුලට මුල වළ කෙළපන්නේ.
අතේ ඔලිඳ තොර නැතුව කෙළින්නේ
නෙතේ බැල්ම තොර නැතුව බලන්නේ,
දෙන්න දෙපිල ඉඳ ඔලිඳ කෙළින්නේ
දොඩන් කපාලා ඇඹුල් තනාලා – නාන්ඩ යන සැටි බලන් කලු
සේලේ ඇඳලා නෙර්ය තියාලා – මිදුලේ සක්මන් කරයි කලු.
දහසක් දීලා වලලු තනාලා – දැතේ අතලා බලයි කලු
දුනුකේ මල සේ උළු ගෙයි ඇඳ පිට ඔලිඳ කෙළින සැටි බලන් කලු
සැදෙමින් අවුරුදු කෝණකලානේ
සතොසින් සුබසී දන හට බෝගේ
කියමින් තැන තැන කව්පද රාගේ
දකිමින් නරලොව සුර පුර වාගේ
ගෙවලත් පළමුව ගොම මැටි ගාපු
නොයෙකුත් අය ඉස කණ සෝදාපු
වන මුත් රට පට පිරුවට ඇඳපු
සඳුනුත් පිනි දිය තෙල් ගෙණ ගාපු
උදාරම්ට වුත් එලු පිලි වැන්නේ
දදාළ මැද උනු කරමුව ඉතිනේ
මෙදා අපට ගිය අවුරුදු කෝණේ
සදා ඔලිඳ කෙලිමුව අසමානේ
නලන්ගුවේ සිටියෙම එකතානේ
වලන්ගුවේ මුතු කෙළිති සමානේ
ඉනන්ගුවේ මගෙ කෙළි අසමානේ
ගණන් බලා ගෙන ඉඳපන් නෑනේ
බක් මස මුලකුර වෙසක් මසේයා
නික්ම පොසොන් මස ඇසල මසේයා
දැක්ම නිතිනි ඒ බිනර මසේයා
වක් මස බිජු පැල දකිමු සොඳේයා
වෙසක් මෙ ඉල් මස උඳුවක් මැද්දා
සතොස් දුරුතු මැද තවම මසේද්දා
නිසෙස් මැදින් දින නිය නොවරද්දා
දොළොස් මසෙන් පුර නැගි අවුරුද්දා
වෙස්සන්තර රජු කළ පින් බොහොමා
විස් කම් දෙව් බලයෙන් ගෙන තොස්මා
පස් මුති අනුහස් සිතට සැලැස්මා
මස් ඇස් මහෙසා අරිති දීමා
තුන් අවුරුද්දෙ කපුහේනක් සොයාලා
ගෝනා පනින අඩි පියවර බලාලා
පොඩිගෙ පොලට මීනා පේකර තියාලා
ගෝනා මිනෙ මැරෙන තැන් එලාලා
උපුලු සුරිඳු සිහිකරගෙන සරියේ
විපුල් ඔලිඳ කෙළියට අප ඇරිය්
තෙපුල් කියති පිරිමි සිත පිරියේ
සුසුම් ලලා වට සිටියත් බැරියේ
කෙළිමු ඔලිඳ අපි දෙපිල බෙදීලා
කියමු අමුතු රස බස් අයවාලා
බලා මදෙස දැක බැරි පිටිපාලා
පිරිමි සිටිති කිවු දෙපස බෙදීලා